පර්සියස් හා ඇන්ඩ්‍රොමිඩා පුරාවෘත්තය
පර්සියස් හා ඇන්ඩ්‍රොමිඩා ඉපැරණි ග්‍රීසියේ ආර්ගෝස් නමින් එක් රාජ්‍යයක් විය. එහි රාජ්‍යත්වය දැරූ ඇක්‍රිසියස් රජුට සිටි එකම දරුවා වූයේ ඩැනේ නම් රූමත් කුමාරිකාවයි. තමාගෙන් පසුව රාජ්‍යට උරුමකම් කීමට පුත්‍රයෙකු නොමැති වීම නිසා ශුද්ධ වූ අනාවැකිකරුවන් සොයා ගිය රජුට ලැබුණු පේනය වූයේ රජුට කිසිදා පුත්‍රයෙකු නොලැබෙන බවත් රජුගේ මුණුබුරා විසින් දිනෙක රජුව මරා දමනු ඇත යන්නයි. සමහරක් ජනප්‍රවාද වලට අනුව ඇක්‍රිසියස් රජු ඔලිම්පියානු දෙවියන්ට විරුද්ධව ක්‍රියා කල පාලකයෙකුයි.රජු කුමරියව එක්ටැම්ගෙයක් සිරකරන ලදී. කෙසේ වුවත් ඩැනේ කුමරියට දෙවියන්ගේ රජු වූ සීයුස් සමග සහවාසයෙන් පුත්‍රයෙකු ලැබුණි. එකී පුත්‍රයා පර්සියස් ලෙස හදුන්වයි. මේ පුවත සැල වූ ඇක්‍රිසියස් රජු මරණයට බියෙන් මේ දෙදෙනාව පෙට්ටියක බහා මුහුදට බිලිදුනි. මුහුදේ පාවූ මේ පෙට්ටගම මසුන් මරන්නෙකුට හමුවිය. ඩික්ටිස් නම් වූ ඔහු මේ දෙදෙනා තම නිවසට ගෙන ගොස් සිය බිරිඳ සමඟ එක්ව රැක බලා ගන්නා ලදී. පර්සියස් කෙමෙන් කෙමෙන් තරුණයෙකු බවට පත්විය. එකී සෙරිෆස් රාජ්‍යයේ කෲර රජු හා ඩික්ටිස්ගේ සහෝදරයා වූ පොලිඩෙක්ටීස්ට ඩැනේ කුමරිය කෙරෙහි ආශාවක් ඇති වුවද ඊට පර්ස...


Comments
Post a Comment