Posts

Showing posts from September, 2019

පර්සියස් හා ඇන්ඩ්‍රොමිඩා පුරාවෘත්තය

Image
පර්සියස් හා ඇන්ඩ්‍රොමිඩා  ඉපැරණි ග්‍රීසියේ ආර්ගෝස් නමින් එක් රාජ්‍යයක් විය. එහි රාජ්‍යත්වය දැරූ ඇක්‍රිසියස් රජුට සිටි එකම දරුවා වූයේ ඩැනේ නම් රූමත් කුමාරිකාවයි. තමාගෙන් පසුව රාජ්‍යට උරුමකම් කීමට පුත්‍රයෙකු නොමැති වීම නිසා ශුද්ධ වූ අනාවැකිකරුවන් සොයා ගිය රජුට ලැබුණු පේනය වූයේ රජුට කිසිදා පුත්‍රයෙකු නොලැබෙන බවත් රජුගේ මුණුබුරා විසින් දිනෙක රජුව මරා දමනු ඇත යන්නයි. සමහරක් ජනප්‍රවාද වලට අනුව ඇක්‍රිසියස් රජු ඔලිම්පියානු දෙවියන්ට විරුද්ධව ක්‍රියා කල පාලකයෙකුයි.රජු කුමරියව එක්ටැම්ගෙයක් සිරකරන ලදී. කෙසේ වුවත් ඩැනේ කුමරියට දෙවියන්ගේ රජු වූ සීයුස් සමග සහවාසයෙන් පුත්‍රයෙකු ලැබුණි. එකී පුත්‍රයා පර්සියස් ලෙස හදුන්වයි. මේ පුවත සැල වූ ඇක්‍රිසියස් රජු මරණයට බියෙන් මේ දෙදෙනාව පෙට්ටියක බහා මුහුදට බිලිදුනි. මුහුදේ පාවූ මේ පෙට්ටගම මසුන් මරන්නෙකුට හමුවිය. ඩික්ටිස් නම් වූ ඔහු මේ දෙදෙනා තම නිවසට ගෙන ගොස් සිය බිරිඳ සමඟ එක්ව රැක බලා ගන්නා ලදී. පර්සියස් කෙමෙන් කෙමෙන් තරුණයෙකු බවට පත්විය. එකී සෙරිෆස් රාජ්‍යයේ කෲර රජු හා ඩික්ටිස්ගේ සහෝදරයා වූ පොලිඩෙක්ටීස්ට ඩැනේ කුමරිය කෙරෙහි ආශාවක් ඇති වුවද ඊට පර්ස...

ආයුබෝවන්

Image
ආයුබෝවන් මිත්‍රවරුනි, පුරාවෘත්තයන්ගේ පාරාදීසයට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ගල් යුගයේ සිට ශිෂ්ටාචාරයේ හිණිමඟ පෙතින් පෙත ඉහලට පැමිණි මානව වර්ගයා සොබාදහමේ පරිකල්පනයේ හා බුද්ධියේ ඉහලතම පුරුකයි. ඉතිහාසය පුරාවටම අපි ආ ගමන් මඟ සත්‍යය හා මිත්‍යාව මුසු වූ සුන්දර අසුන්දර කැටයම් වලින් හැඩවී ඇත. ලෝකයේ පැවති එවැනි ශ්‍රේෂ්ඨ ශිෂ්ටාරයන් හා බැඳුණු පුරාණෝක්ති විටෙක ප්‍රබන්ධයන්ටද වඩා රසවත් වේ. එකල මිනිසාගේ පරිකල්පනයේ විශිෂ්ටතාවය පිළිඹිබු කරන එම පුරාවෘත්තයන් තුල ශිෂ්ටාචාරයේ අක්මුල් සැඟව ඇත්තේය. විශිෂ්ට නිර්මාණ, කලා කෘති, විද්‍යාත්මක මූලධර්මයන්ගේ මූල බීජ මේවායේ ගැබ්ව ඇත.  ග්‍රීක, රෝම, නෝවීජියානු, ඉන්කා, ඇස්ටෙක්, මායා, රතු ඉන්දියානු, ස්කැන්ඩිනේවියානු, මොංගෝලියානු, ඊජිප්තු, අප්‍රිකානු, භාරතීය, චීන, රුසියානු ආදී නේක විද සභ්‍යත්වයන්ගේ ගැබ් වූ මේ පුරාවෘත්තයන් අපේ මනසේ විචිත්‍ර පාරාදීසයක් මවා පෙන්වයි. මේ බ්ලොග් අඩවිය එවැනි පුරාවෘත්ත ගත පුරාණෝක්තීන් කැටි කොට ඔබට පිරිනැමීමට ගන්නා තවත් එක් උත්සහායකි. එසේනම් ඉදිරි පිටුවලින් හමුවෙමු. රැඳෙන්න අපත් සමඟ.